මිනුවන්ගොඩ, බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොරෝනා ආසාදියින්ගේ අශ්‍රිතයින් පිරිසක් නිරෝධායන කටයුතු සඳහා වැලිකන්ද, ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානය වෙත අද (7) සවස රැගෙන යමින් සිටිය දී එම පිරිසේ සිටි එක් කාන්තාවක මිය ගොස් ඇති අතර 64 වියැති වෙනත් රෝග ලක්ෂණද සහිත එම කාන්තාවගේ මියයාම
කොරෝනා නිසා සිදුවුණිද නැද්ද යන්න තවම නිශ්චය කර නැත.

වැලිකන්ද පොලිසිය වාර්තා කළේ අදාළ කාන්තාව නිරෝධායන සඳහා රැගෙන ගිය බස් රථයේදී සිහිමුර්ජා ගතියක් පෛන්නුම් කර තිබෙන අතර වැඩිදඅර පරීක්ෂා කිරීමේදී මිය ගොස් ඇති බව හඳුනාගෙන තිබෙන බවයි.

ඇය ගම්පහ, උඩුපිටිය,

වරාපලාන ප්‍රදේශයේ පදිංචිව සිටි 64 වියැති කාන්තාවකි.

මෙම කාන්තාව ගේ දියණියට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට  මින් ඉහත තහවුරැ වී තිබෙයි.ගම්පහ, මිනුවන්ගොඩ සහ මහර ඇතුළු අවට ප්‍රදේශවල බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින්ගේ සමීපතමයන් 80කට ආසන්න පිරිසක් අද සවස 4.00ට පමණ ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානය වෙත බස් රථ දෙකකින් රැගෙන යද්දී මෙම සිද්ධියට මුහුණපා ඇත.

මිය ගිය කාන්තාවගේ මරණය සිදුව ඇති ආකාරය ගැන තවම පරීක්ෂණ සිදුවේ මළ සිරුර පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිකන්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.