ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල අද උදේ 8 සිට රාත්‍රී 10 දක්වා අත්‍යවශ්‍ය භාන්ඩ මිලට ගැනීමට අවස්ථාව සලසා ඇති බවත් ළඟම ස්ථානයට ගමන් කළ යුතු බවත් නිපොලිස්පති දන්වා
සිටියේය.

ඇඳිරි නීතිය කඩකිරීමට අදාළව 73 ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් දන්වා සිටියේය.

අද රාත්‍රී 12 ට බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය ඇරඹී ලබන සඳුදා දක්වා බලපවත්වන බවත් ඔහු කීය.

දැනට බස්නාහිර ඇඳිරි නීතිය ක්‍රියාත්මක වසම් 63 තුළ සඳුදා ඇඳිරිය ඉවත් නොකරන බවද ඔහු කීය. දීර්ඝ සති අන්තයේ  පිටතට යාම වැළැක්වීම ඇඳිරි නීතියේ අරමුණ බවත් කියන අජිත් රෝහණ මහතා අද (29) උදේ සිටම බස්නාහිරින් පිටතට යාම වැළැක්වීමට බැරැක්ක රඳවා ඇති බව දන්වා සිටියේය.

ඇඳිරි නීතිය අතර උසස් පෙළ සිසුන්ට හා කාර්ය මන්ඩල වලට ඇඳිරිය බලාත්මක නැති බව දන්වා සිටියේය. කර්මාන්ත ශාලා පවත්වා යාහැකි මුත් ඒ සඳහා පොලිස් අවසරය ලබාගත යුතු බව දැන්වීය. ඇඳිරි නීති අවසර පත් නැතිව ගමන් කිරීමට නොහැකි බවද කීය.