ඇදිරි නීතිය පැනවූ බවට ජනපති මාධ්‍ය ඒකකයේ ලිපි ශීර්ෂයක සාවද්‍ය පුවතක් සඳහන් කර මාදය ඒකක ප්‍රධානි මොහාන් සමරනායක මහතාගේ
නමද භාවිත කර සමාජ මාධ්‍යයේ පළ කළ 18 වියැති තරුණයකු මීටියාගොඩ දී සි අයි ඩී අත්අඩංගුවට පත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මොහු පසුගියදා ගම්පහප්‍රදේශ කිහිපයකට පමණක් ඇඳිරි නීතිය පනවා තිබූ අවස්ථාවක හෙට සිට දිවයින පුරා ඇඳිරි නීතිය ඇතැයි නොමග යවන පණිවිඩයක් ලිපි ශීර්ෂයකින් සකසා බෙදා හැර තිබූ අතර මේ නිසා රටපුරා පිරිස් කලබලවී ආහාර ගබඩා කරන්නටද යුහුසුලු වී තිබුණි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කළ නියෝජ්‍ය පොලිස්පතිවරයාකියා සිටියේ

අත්අඩංගුවට ගත් අය හෙට (09) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත යොමු කිරීම කිරීමට කටයුතු කරන බවය. වැරදි පුවත්වලට නොරැවටෙන ලෙසත් එවැනි පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ ශෙයර් කිරීම ෆෝවඩ් කිරීම නොකරන ලෙසත් ජනතවගෙන් ඉල්ලා සිටි අජිත් රෝහණ මහතා,අසත්‍ය පුවත් නිර්මාණය කර වාර්තා නොකරන ලෙස ද ඉල්ලීමක් කළේ ය.