කෝට්ටේ මහ නගර සභාවේ මාසික සභා රැස්වීම නව නගරාධිපති අයි.එම්.වි. ප්‍රේමලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08දා) පෙරවරු 10.00ට නගර සභා ශ්‍රවණාංගාරයේදී පැවැත්විණි.

සභාව ආරම්භ වීමෙන් අනතුරුව සුළු වේලාවකට සභාව කල්දැමුණු ලැබීය. අනතුරුව කෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මනෝජ් රුද්‍රිගු මහතාට ලද තොරතුරක් මත වැලිකඩවත්ත, රාජගිරිය ප්‍රදේශයේ කර්මාන්තශාලාවක සේවය කරන සේවකයන් 25 දෙනෙකුගෙන් එක් අයෙකුගේ පී.සී. ආර්. පරික්ෂණය ධනාත්මක වීම හේතුවෙන් නගර සභාවේ කටයුතු පෙරවරු 11.30 පමණ නගරාධිපතිවරයා විසින් අත්හිටුවන ලදී. ඒ අනුව සභාව පැවැති කාල

සීමාවේදී සභාවේ යෝජනා කිසිවක් සාකච්ඡා නොකර මුදල් කමිටුවේ යෝජනා පමණක් නගරාධිපතිවරයා විසින් සාකච්ඡා කරන ලදී.

සභාව ආරම්භයේදීම කෝට්ටේ මහනගර සභාවේ එ.ජා.ප. මන්ත්‍රීවරයෙකු වූ ධම්මික චන්ද්‍රරත්න මහතා ආණ්ඩු පක්ෂයේ අසුන් ගත්තේය. ඒ අනුව කෝට්ටේ මහ නගර සභාවේ සංයුතිය පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු 20 දෙනෙකුද. එ.ජා.ප. මන්ත්‍රීවරු 10 දෙනෙකුද ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරු 05 දෙනෙකුද, ජ.වි.පෙ මන්ත්‍රීවරු 03 දෙනෙකුද ලෙසින් සකස් විය.


- චන්දන සමරවික්‍රම-