කොළඹ ජාතික රෝහලෙන් සොයා ගත් කොවිඩ් ආසාදිතයන් තිදෙනා සහ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙහි කොවිඩ් ආසාදිතයන් ආහාර ලබා ගෙන ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ ආපනශාලා දෙකකින් බව හෙළිව තිබීම නිසා එම ආපන ශාලාවලට මුද්‍රා තැබූ බව
කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි ප්‍රකාශ කරයි.

මෙම කොවිඩ් රෝගීන් රැඳී සිටි බොරැල්ලේ නේවාසිකාගාරයක පිරිසක්ද ඊයේ (11 වැනිදා) පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කළ බව ඔහු දන්වා සිටියේය.