
කොරෝනා ආසාදිතයින් සිවුදෙනකු හමුවූ බොරැල්ල ලෙස්ලි රණගල මාවතේ අතුරු මාර්ගයක් ආරක්ෂක පියවරක් ලෙස ඊයේ (13) වසා දැමූ බව බොරැල්ල පොලිසිය පවසයි. මෙයට අමතරව එම කොරෝනා රෝගීන් ගොස් ඇතැයි හඳුනා ගැනුණු බොරැල්ල නගරයේ ආපනශාලා තුනක් හා වෙළෙඳසල් තුනක් ද වසා දැමූ බව බොරැල්ල පොලිසියේ නිලධාරියෙක් පැවැසිය.
මේ අයට වයිරසය ආසාදනය වී ඇතැයි හඳුනා ගැනුණේ ඉකුත් 10 වැනිදාය. ලෙස්ලි රණගල මාවතෙන් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයන් සිවුදෙනාගේ ආශ්‍රිතයන් 200 දෙනකු පෙරේදා (12) පී.සී.ආර්. පරික්ෂණවලට ලක් කර ඇතත් ඒ කිසිවකුටත් වයිරසය ආසාදනය වී නොතිබූ බවත් එය සුබවාදී තත්වයක් බවත් විජේමුණි මහතා කීය. කොවිඩ් ආසාදිත සේවිකාවන් හමුවීමත් සමඟ කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාරය හා වාට්ටු දෙකක් ද වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබිණි.
-සුජිත් හේවාජුලිගේ-
Comments
Post a Comment
Your comment will be visible after approval