බ්‍රැන්ඩික්ස් ආයතනය ඉන්දියාවෙන් ගෙන්නූ පිරිසකගෙන් කොරෝනා පැතිර ගිය බවට ආරංචි පැතිර යන අතරේ ඒ ගැන ආයතනික පැහැදිලි කිරීමක් කර තිබේ. ඔවුන් විශේෂ ගුවන්යානා තුනක් යොමු කර ඉන්දියාවේ

විශාකාපට්නම්හි පිහිටි සිය කාර්මාන්තශාලාවේ සේවය කළ කාර්යමණ්ඩල සහ  පවුලේ සාමාජිකයන් පිරිසක් මෙරටට ගෙන්වූ බවට පිළිගෙන තිබේ. නමුත් විදෙස් ජාතිකයින් (ඉන්දියානුවන්) ඒ පිරිසට අයත් නොවන බවද දන්වා ඇත. එසේම එසේ පැමිණි පිරිස අවේ 22 වනදා බැවින් තවමත් සම්පූර්ණ නොවූ නිරෝධායන කාලය හෝටලයක ගතකරන බවත් දන්වා ඇත.

සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ රජයේ අනුමත නිරෝධායන මධ්‍යස්ථානයක

දින 14ක් නිරෝධායනයට ලක්වීම, එතැන් සිට තවත් දින 14ක් ස්වයං-නිරෝධායනයට ලක්වීම ඇතුළු ශ්‍රී ලංකා රජය විසින් නිර්දේශ කරන ලද සියලු පියවර එම සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අනුගමනය කරමින් සිටින බවත් පවසා ඇත.

ඔවුන් කිසිවෙකු මිනුවන්ගොඩ කර්මාන්තශාලා පරිශ්‍රයට ඇතුළු නොවූ බවද එම නිවේදනය මගින් සඳහන් කරයි.


මේ අතර මත්තල ගුවන්තොටුපල මෙහෙයුම් අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර නිවේදනය කර ඇත්තේ 22 වනදා පිරිසක් පැමිණි බව සත්‍ය වන නමුත් ඒ අතර ඉන්දියානුවන් නොසිටින අතරම ඒ පිරිස සෞඛ්‍ය ආරක්ෂිතව හෝටලයකට යොමු කරන ලද බවයි. එම 48 දෙනා කොස්ගොඩ ෂෙරොන් හෝටලයේ තවමත් ළැගුම් ගෙන නිරෝධායනය වන බවද ඔහු වැඩිදුර පැහැදිලි කර ඇත.