කොවිඩ් _ 19 “පොසිටිව්” හා “නෙගෙටිව්” දෙවර්ගයම එකම නිරෝධායන මධ්‍යස්ථානවල එකට දමා ඇතැයි තමාට වාර්තා වූ බව ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික වසන්ත සමරසිංහ අනාවරණය කරයි.
රඹුක්කන බ්‍රැන්ඩික්ස් නිරෝධායන මධ්‍යස්ථානයෙන් මේ බව දුරකථන ඇමතුම් කිහිපයක් තමාට ලැබුණු බවත්
ඔවුන් ඉල්ලා සිටින්නේ පී.සී.ආර්. පරීක්ෂණවලින් නෙගෙටිව් බව වාර්තා වූ පසු නිවෙස්වලට ගොස්
නිරෝධායනය වීමට ඉඩ සලස්වන ලෙසත් ඉල්ලා සිටි බවත් සමරසිංහ මහතා සඳහන් කළේය.
මෙවැනි කාරණා සත්‍යයක් නම් ඉතා බරපතළ බැවින් ආණ්ඩුවේ බලධාරීන් වහාම මේ ගැන සොයා බලන
ලෙස ඒ මහතා ඉල්ලීමක්ද කළේය.
තවද සිය ගම්වලින් කොවිඩ් ආසාදනය වූ බව පවසා කොන් කිරීමකට ලක්ව ඇති බවත් එම මානසිකත්වයෙන්
මුදාලීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ඔවුන් ඉල්ලා සිටි බව සමරසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.
අනුරාධා හේරත්
0 Comments