කොග්ගල බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බවට අද (29) තහවුරු වූ බව

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

ඇය රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි 20 හැවිරිදි තරුණියකි. රත්ගම සිට දිනපතා

ඇඟළුම් සේවක සේවිකාවන් ප්‍රවාහනය කරනු ලබන බසයකින් ඇය රැකියාවට ගොස් තිබේ.

දිගටම රැකියාව

සඳහා ගිය ඇයට රෝග ලක්ෂණ ඇතිවීම හේතුවෙන් මහමෝදර රෝහලේ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර

ගැනීම සඳහා ඊයේ (28) පැමිණ ඇත. එම රෝහලේ දී ජෛව සාම්පල ලබාගෙන කරන ලද පීසීආර්

පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඇය ආසාදිත බව තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

ඇය ගමන් කරන බසයේ තවත් සේවක සේවිකාවන් 50ක් ගමන් කරන බවත් ඇය සේවය කරන ආයතනයේ ඇසුරුම්

අංශයේ 40ක පිරිසක් සේවයේ යෙදී සිටින බවත් ආනවරණය වී ඇත. සෞඛ්‍ය අංශ පවසන්නේ හැකි ඉක්මණින්

ඇගේ සමීපතමයන් නිරෝධායනය කිරීමටත්, පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකිරීමටත් මේ මොහොතේ පටන් කටයුතු කරන බවයි.

මෙම තරුණිය ආසාදිත බව තහවුරුවීමත් සමග අද (29) දිනයේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 09 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.

සිරංගිකා ලොකුකරවිට