දිවුලපිටියෙන් හමුවූ Covid-19 රෝගි කාන්තාව හා සම්බන්ධයෙන් ඇති විය හැකි පොකුරු ත්‍රිත්වයක් පිළිබඳව විමර්ශනය අරඹා ඇති බව සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

රෝගියාගේ රැකියා ස්ථානය, ඇය වෛද්‍ය ප්‍රතිකාර ලද ගම්පහ රෝහල හා ඇගේ නිවස පිහිටි දිවුලපිටිය ප්‍රදේශය මෙම පොකුරු ත්‍රිත්වය යැයි හඳුනාගෙන ඇත.



“පළමු රෝගියා සමඟ ඍජු සබඳතා තිබුණු පුද්ගලයින් 80 දෙනෙකු අප විසින් පරීක්‍ෂා කර තිබෙනවා ඉන් 69 දෙනෙකු හට Covid-19 වැළඳී ඇති බවට දැන් තහවුරු වුනා," යැයි  බලධාරීන් පවසා තිබේ.
මේ අනුව, මුලින්ම වාර්තා වූ කාන්තාවත් ඇගේ දියණියත් ඇතුළුව සමස්ත රෝගීන් ගණන 71කි.
 ඇගලුම් කම්හල පිහිටි වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට ඊයේ සවස ඇඳිරි නීතිය දමන්නට හේතුවූයේද කොරෝනා වැළඳුණ සේවක සේවිකාවන් විශාල පිරිසක් ඒ අවට නවාතැන් ගැනීම හා ඔවුනට ආශ්‍රිතයන් සිටීය යන පදනමෙනි.
එම ප්‍රදේශ වල අද දිනයේදී PCR පරීක්ෂණ 1,000ක් පමණ සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් වාර්තාවේ.