පොලිස් මූලස්ථානය කළ නිරෝධායන නියෝගයට අනුව බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයින් අතුරින් 275 ක් ඊයේ දිනයේත් අද දිනයේ තවත් 125 දෙනෙකුත් සෞඛ්‍ය අංශ වෙත ඉදිරිපත්ව තිබෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ අනුව අද දිනය අවසානය වන විට මිනුවන්ගොඩ Brandix ආයතනයේ

සේවකයින් 400ක් සෞඛ්‍ය අංශ වෙත ඉදිරිපත් වී තිබෙනවා.

ඉදිරිපත්වීම සඳහා ඔවුන්ට ලබාදී ඇති කාලය අදින් අවසන් වන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

යම් අයෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට අනුයුක්තව සේවය කර ඇත්නම් ළගම පොලිස් ස්ථානයට වාර්තා කරන ලෙසත් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනය කර සිටියා.

කිසිවෙකු තමන්ගේ තොරතුරු සඟවා හසු වුවොතින් ඔවුන්ගේ චංචල හා නිශ්චල දේපල සියල්ල තහනමකට ලක් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.