වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු පෞද්ගලික හා ලංගම බස්රථවල මගීන් ප්‍රවාහනය ආසනගතව පමණක් සිදු
කරන ලෙසට රාජ්‍යය ආමාත්‍යය දිලුම් අමුණුගම මහතා දැනුම් දී ඇත.
කොවිඩ්19 ආරක්ෂණ ක්‍රමවේද අනුව මින් ඉහතද ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ගෙනයාම කාලයක් සිදුවුවද පසුව එය වෙනස්වී නැවත සාමාන්‍ය පරිදි මගීන් තෙරපෙමින් ගමනාගමනය සිදුවිය.
පවතින සීමිත බස් රථ ප්‍රමාණය හා රටේ වැඩ නවතා නොතිබෙන පසුබිමක මේ ආකාරයට ආසනගත මගීන් ගෙනයාම සිදුවන්නේ නම් මගීන්ට අධික ප්‍රමාදයක් සිදුවනු ඇති බවට විවේචන පළව ඇත.