විධායක බලතල එක් පුද්ගලයෙකු සතු කර ගැනීම ඉතාම භයානක බවත්, ඒ අනුව මෙරට ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වෙන බවද ඒ මහත්මිය පවසා සිටියාය. "ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොර ඒකාධිපතිත්වයෙන් රටට වෙන හානිය පිළිබඳ ඊයේ (01දා) සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින් හිටපු ජනාධිපතිවරිය මේ බව සඳහන් කළාය. ප්‍රජාතන්ත්‍රවාදය නිසියාකාරව ක්‍රියාත්මක වන්නේ නම්, ජනතාවගේ ඡන්දයෙන් පත් වන ජනාධිපති සහ අගමැති ඇතුළු මන්ත්‍රීවරුන් ජනතා අභිලාශයන් මත කටයුතු කිරීමට සිදුවන බව සඳහන් කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය,
ඒක වෙන්නේ ඒක පුද්ගල බලය පාවිච්චි කිරීම නිසා. ප්‍රජාතන්ත්‍රවාදය නිසියාකාරව ක්‍රියාත්මක වෙනවා නම් ජනතාවට විරෝධය පළ කරන්න පුළුවන්. ඒ වගේම පාර්ලිමේන්තුවේ තීරණය නැතුව කටයුතු කරන්න බෑ, එහෙම තීන්දුවක් නැතිව කටයුතු කරනවා නම්, අධිකරණය හමුවට යන්න පුළුවන්. ඒ නිසා ජනතාවගෙන් පත්වෙන ජනාධිපතිවරයා, අගමැතිවරයා, මන්ත්‍රීවරයා ජනතාවගේ අභිලාශයන් මත සහ ජනතාවගේ අදහස් අනුව කටයුතු කරන වෙනවා. කවුරු හරි කියන්න පුළුවන් ජනතාව කියන කියන විදියට කටයුතු කරන්න පුළුවන්ද කියලා. ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදීව ආඩු කරලා තියෙන්නේ. ඉතින් එක පුද්ගලයෙකුට බලය අවශ්‍ය නෑ රටක් පාලනය කරන්න.
රටක් පාලනය කරන්න නම් කණ්ඩායමකට නායකයෙක් අවශ්‍යයි. ඒ නායකයා ජනාධිපති හෝ අගමැති වෙන්න පුළුවන්. ඒ පුද්ගලයාට මොළේ තියෙන්න ඕන. ලෝක ඉතිහාසයේ සහ මෙරට ඉතිහාසය පිළිබඳ දැනුමක් තියෙන්න ඕන. ඒ වගේම රාජ්‍ය පාලනය ගැන දැනුමක් තියෙන්න ඕන. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයා වෙනස් මාර්ගයක යන්න හදනවා කියලා මට පේනවා. ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා ඔහු තේරුම් ගනියි කියලා කවුරු උපදෙස් දුන්නත් මේ ඒකාධිපති බලතල තහවුරු කර ගැනීමෙන් රටටත්, තමාටත් වෙන හානිය. අවබෝධ කරගෙන මේක වෙනස් කරයි කියලා” යැයිද සඳහන් කළාය.
-දිනේෂ් සමරකෝන්-