COVID-19 හමුවේ ඇති වූ අගුලු දැමීම් සහ දුර්වල වූ ව්‍යාපාර හේතුවෙන් මේ වසරේ ගෝලීය ආර්ථික අවපාතය වළක්වා ගැනීමට ඇති එකම ප්‍රධාන ලෝක බලවතා,  ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන චීනයයි. එසේ ලෝක බැංකුවේ ගිම්හාන පුරෝකථනයට අනුව චීනයේ දළ දේශීය නිෂ්පාදිතය මේ වසරේදී 1.6%කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන අතර, සමස්තයක්  ලෙස ගෝලීය ආර්ථිකය 5.2%කින් හැකිලෙනු ඇතැයි අපේක්ෂිතය.

වයිරසය පාලනය කිරීමට යොදාගත් දැඩි අගුලු දැමීම් සහ ආසාදිතයන් හා ආශ්‍රිතයන් සොයා යමේ ප්‍රතිපත්ති ඇතුළු පියවර කිහිපයක් හරහා චීනය සාපේක්ෂව ඉක්මන් සුවයක් ලබා ගත්තේය. ඒ අතරතුර ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා චීන රජය ඇ.ඩො. බිලියන සිය ගණනක් වෙන්කළ 
අතර, තම ජනතාව අතර වියදම් උත්තේජනය කිරීම සඳහා මුදල් දිරිගැන්වීම් ලබා දුන්නේය. ආසන්නතම 'ගෝල්ඩන් වීක්’ නිවාඩු කාලයේදී එරට සංචාරක හා පාරීභෝජන වියදම් ඉහළ යැමෙන්ම එහි ඵලවිපාක පැහැදිලිය.

ලෝක බැංකු දත්ත ඇසුරෙන් සලකා බැලීමේදී මෙම වසර අවසාන වනවිට ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයේ චීනයේ කොටස 1.1%කින් පමණ ඉහළ යනු ඇත. එය 2019 දී ලබාගත් කොටස මෙන් තුන් ගුණයකටත් වඩා වැඩිය.  ඊට වෙනස්ව , එක්සත් ජනපදයේ හා යුරෝපයේ කොටස් පහත වැටෙනු ඇත. එසේම 2020 අවසන් වනවිට චීනයේ ආර්ථිකය ඇ.ඩො.ට්‍රිලියන 14.6ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කරන අතර, එය දළ දේශීය  නිෂ්පාදිතයෙන් 17.5%කට සමානය.  මේ සියලු කරුණු හමුවේ ලෝක වත ප්‍රවණතා පාලනය කිරීමට චීනයට ඇති හැකියාව හමුවේ ගෝලීය ආර්ථිකය තුළ චීනයේ වැදගත්කම වේගයෙන් වර්ධනය වනු ඇත.  

"ගෝඩන් වීක්' වර්ධනය චීනයේ ආර්ථිකය  යථාතත්වයට පත්වීම පසුගිය නිවාඩු සතිය තුළ වඩාත් කැපී  පෙනෙන නිදර්ශනයක් විය.  වසරේ කාර්ය බහුලම නිවාඩුවක්  ලෙස පසුගිය බ්‍රහස්පතින්දා අවසන් වූ 'ගෝර්ඩන් වීක්' තුළ මිලියන 630කට අධික පිරිසක් රට පුරා සංචාරය කළ බව චීනයේ සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශය පවසයි. එය පසුගිය වසරේ එම කාලය තුළ ගමන් කළ සංඛ්‍යාවෙන් 80%කට ආසන්නය.  මේ අතර සංචාරක වියදම් පසුගිය වසරේ මට්ටමෙන් 70%ක් දක්වා යථාතත්වයට පත්වී  ඇ.ඩො.බිලියන 70ක් කරා ළඟාවිය.

'ගෝර්ඩන් වීක්" නිවාඩු කාලය තුළ චිත්‍රපට ප්‍රවේශපත් අලෙවිය ඇ.ඩො. මිලියන 500ක් ඉක්මවා ගිය අතර, එය පසුගිය වසරේ වාර්තාගත ඉහළ අගයෙන් 12%ක් පමණි. එනම් වසංගතය හමුවේ චීනයේ ප්‍රධාන භූමියේ ජනජීවිතය යථාතත්වයට පත්වෙමින් තිබියදී, පරිභෝජනය, විශේෂයෙන් සේවා පරිභෝජනය යථාතත්වයට පත්වෙමින් ඇති බව පැහැදිලිය. වඩාත් සමබර ප්‍රකෘතියක්  මෙම නිවාඩු කාලයට පෙර පවා චීනයේ ආර්ථිකය වේගවත් වෙමින් පැවතුණි. නිෂ්පාදන කටයුතු පිළිබඳ නිල මිනුම් සැප්තැම්බර් මාසයේදී මාස 6ක ඉහළම මට්ටම දක්වා  ඉහළ ගියේය. කුඩා ව්‍යාපාරවල වර්ධනය මැන බැලෙන පෞද්ගලික සමීක්ෂණයකින්ද පෙනී ගියේ පසුගිය මාසයේදී මෙම අංශය අඛණ්ඩව ව්‍යාප්ත වන බවය.  එසේම චීනයේ සේවා අංශයද  හොඳ මට්ටමක පවතී.

පසුගිය සතියේ නිකුත් කරන ලද නිල සමීක්ෂණයකින් වසර 7කට ආසන්න කාලයක් තුළ එහි ඉහළම මට්ටමේ ක්‍රියාකාරීත්වයක් වාර්තා විය. පසුගිය සිකුරාදා ප්‍රකාශයට පත් සමීක්ෂණයකින් හෙළි වූයේ පසුගිය සැප්තැම්බරය, පසුගිය දශකය තුළ  සේවා අංශය වඩාත් වේගයෙන්ම ව්‍යාප්ත වු මාසය ලෙසිනි. එනම් සමස්තයක් ලෙස චීනයේ ආර්ථිකය පශ්චාත් වසංගත ප්‍රකෘතිමත් වීමේ අවධියක පැවති අතර, වේගවත් වේගයකින් පෝෂණය විය.   එය තවත් දිරිගන්වන ලකුණක් වූයේ පරිභෝජන වියදම්වල පැවති වර්ධනයයි. මේ වසර මුලදී චීනයේ ආර්ථික විද්‍යාඥයන් සැලකිලිමත් එරට රජය විසින් මෙහෙයවනු ලබන යටිතල පහසුකම් ව්‍යාපෘති සහ ප්‍රමාණවත් පාරිභෝර්ගික වියදම් සම්බන්ධයෙන් වූ බාධක ජයගෙන ඇත. ඒ අනුව වෙළෙඳ ආතතීන් නොතකා, ගෝලීය සැපයුම් දාමයහි චීනයේ ආර්ථිකය එහි වැදගත් භූමිකාවෙන් ප්‍රයෝජන ලබා ඇති බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.

මේ වනවිටත් COVID-19  
වෛරසය පැතිරයාම වළක්වාලීමට සහ කර්මාන්තශාලා අඛණ්ඩව පවත්වාගෙන යාමේ චීනයේ සාර්ථකත්වය ගෝලීය වටිනාකම් දායමහි සිය භූමිකාව ශක්තිමත් කර ඇති අතර, චීනයේ වාණිජ කටයුතු අමාත්‍යාංශයට අනුව එරට පැමිණන එක්සත් ජනපදයේ  විදේශ සෘජු ආයෝජන මේ වසරේ මුල් භාගයේදී 6%කින් ඉහළ ගොස් තිබේ. ආසන්න කාල සීමාවේදී එක්සත්  ජනපදය හා චීනය අතර ආතතීන් නරක අතට හැරි තිබුණත්, බොහෝ එක්සත් ජනපද බහුජාතික සමාගම් චීනය සමග සම්බන්ධ වීමට උනන්දුවක් දක්වා ඇති බව  මින් පැහැදිලිය. එහිදී රටේ මූල්‍ය  ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට ඇති බාධක ඉවත් කිරීමට බීජිං පාලනය ගත් තීරණ ඇමෙරිකානු සමාගම් ධෛර්යමත් කිරීමට හේතු වන්නට ඇති බව කියැවෙයි.

ඉදිරි අභියෝග

චීනයේ ප්‍රකෘතිය ශක්තිමත් වුවද ඉදිරියේදී චීනය හමුවේද අභියෝග පවතී. ෆිච් ශ්‍රේණිගත කිරීම් අනුව, අනෙකුත් රටවල මෙන්ම, වසංගතය හමුවේ චීනයේ දුප්පත් හා ග්‍රාමීය  ජනතාවට විශාල වශයෙන් බලපා ඇත.  චීන රජයේ දත්ත භාවිත කළ  ලෝක බැංකු ඇස්තමේන්තුවලට අනුව ග්‍රාමීය සංක්‍රමණික කම්කරුවන් විසින් එකතු කරන ලද සාමාන්‍ය මාසික ආදායම දෙවැනි කාර්තුවේදී 7%කට ආසන්න ප්‍රමාණයකින් පහත වැටී ඇත. එම විස්තරය කියැවෙන මිලියන සිය ගණනක් ජනයා සාමාන්‍යයෙන් ඉදිකිරීම්, නිෂ්පාදන සහ වෙනත් අඩු වේතනයන් සහිත, නමුත් වඩාත් අත්‍යවශ්‍ය ක්‍රියාකාරකම්වල නිරතවන පිරිසකි. චීනයේ සිදුකළ සමීක්ෂණයකට අනුව එරට අඩු ආදායම්ලාභී පවුල් හෙවත්, වසරකට ඇ.ඩො.7,350ට වඩා අඩු ආදායමක් ලබන අය, වෙනත් ඕනෑම ආදායම් කාණ්ඩයකට වඩා දරුණු ලෙස මෙම වසංගතය හමුවේ බැටකෑමට ලක්ව ඇත.

මෙයින් ඇඟවෙන්නේ මෑතකදී චීනයේ පරිභෝජනය යථා තත්ත්ව යට පත්වීම ඉහළ ආදායම් ලබන කණ්ඩායම් වෙත තරමක් දුරට යොමු වී ඇති බවක් යැයි ෆිච් ශ්‍රේණිගත කිරීම් විශ්ලේෂකයෝ පැවසූහ. කෙසේ වෙතත් සමස්තයක් ලෙස ගෙන බැලීමේදී නව කොරෝනා වසංගතය හමුවේ අඩපණ වූ ගෝලීය ආර්ථික ප්‍රකෘතිය චීනය යළි දිනාගනිමින් සිටින බව පැහැදිලිය.

-නරේන් විශ්වජිත්-