පෑලියගොඩ ප්‍රදේශයේ වැඩබිමක සේවයේ නිරත සේවකයන්ට දුම් වැටි විකුණූ බව කියන එම වැඩබිමෙහි
සේවයේ නිරත වින ජාතික ඉංජීනේරුවරයකු රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනාකමින් යුත් තිරු බදු රහිත දුම්වැටි තොගයක් සමගින්  ඊයේ (01) අලුයම අත්අඩංගුවට ගත් බව කොළඹ නාගරික සුරාබදු මධ්‍යස්ථානය පවසයි.

කොළඹ නාගරීක සුරා බදු කාර්යාලයේ ප්‍රධාන සරා බුදු පරික්ෂක  නානායක්කාර මහතාට ලද තොරතුරක් මත සුරා බදු නිලධාරීන් කණ්ඩායමක් එම වැඩබිම වෙත යවා සැකකරු සමඟ එම දුම්වැටි තොගය අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර 58 හැවිරිදිවි ජාතික  ඉංජිනේරුවරයා බස්නාහිර පළාත් සහකාර සුරාබදු කොමසාරිස් ගාන්ත දේව සිල්වා මහතා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය. වැඩබලන සුරාබදු අධිකාරිලාල් පසිරී මහතාගේ උපදෙස් පරිදි කොළඹ නාගරික සුරාබදු කාජලයේ ප්‍රධාන සුරාබදු පරික්ෂක වානක නානායක්කාර, සුරාබදු පරික්ෂක සංජය නිශාන්ත, සුරාබදුනිකමකවරුන් වන 911 ප්‍රභාත්. 950 අරවින්ද, 962 නලින්, 977 පිරිස්, 997 නිලන්ත යන නිලධාරීහු වැටලීම සිදු කළහ.


- කේ. බුද්ධික කුමාරසිරි-