කොළඹ නාවික තටාංකාගණයේ සේවයේ නියුතු සේවකයින් 05 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට මේ වන විට හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියි.
එම සේවකයින් 05 දෙනා ගේ සමීප ආශ්‍රිතයින් මේ වන විටත් බුද්ධි අංශ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අනාවරණය කර ගෙන ඇති බවත් ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බව යුද හමුදාපතිවරයා කියා සිටියේය.
කොළඹ නාවික තටාංකාගණයේ වාර්තා වූ මෙම කොරෝනා ව්‍යාප්තිය සිදුවීම මතුගම බස් රථය හා සම්බන්ධ බවට අනාවරණය වී ඇති බව යුද හමුදාපතිවරයා
මෙම කොරෝනා ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු වලට එය බාධාවක් එල්ල නොවන බවත් එය සිදුනොවීමට අවශ්‍ය සියලු කටයුතු ගෙන ඇති බවත් වරාය සභාපති සමග එක්වී අවශ්‍ය කටයුතු සිදුකොට ඇති බව මෙහිදී යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
0 Comments