යාගොඩ සිට වඳුරව දක්වා ඇති සියලුම දුම්රිය ස්ථාන වල දුම්රිය නැවැත්වීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබේ.
ඒ අනුව ප්‍රධාන මාර්ගය, උඩරට මාර්ගය, උතුරු මාර්ගය සහ මඩකලපුව මාර්ගයේ ධාවනය වන කිසිදු දුම්රියක් යාගොඩ සහ වඳුරව අතර නතර නොකෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.


මෙසේ දුම්රිය නොනාවත්වන ස්ථාන වන්නේ ගම්පහ /දාරලුව / බෙම්මුල්ල / මගලෙගොඩ/ හීන්දෙනිය පට්ටිගොඩ/ වේයන්ගොඩ / වඳුරව / කීනවල යන දුම්රිය ස්ථානයි.

කෙසේවෙතත් පුත්තලම මාර්ගයේ ධාවනය වන දුම්රියන්ට මෙම තීරණය අදාළ නොවන බවද දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලා.