සියලුම බන්ධනාගාරවල රැඳවියන් අධිකරණ වෙත ඉදිරිපත් කිරීම අත්හිටුවා එම නඩු කටයුතු ස්කයිප් ඔස්සේ මෙහෙයවන ලෙස බන්ධනාගාර මූලස්ථානය
අධිකාරීවරුන්ට උපදෙස් දී ඇතැයි වාර්තා වේ. 

ස්කයිප් හෙරහා රිමාන්ඩ් සැකකරුවගේ නඩු කටයුතු පැවැත්වීමේදී වෙනම වේලාවන් වෙන්කිරීමක් සිදු කරන අතර ඒ සඳහා දින ලබාගැනීම පෙරේදා (30) සිට සිදු කිරීම ඇරඹූ බව පැවැසේ. කොරෝනා වසංගත තත්ත්වය හේතූවෙන් පසුගිය කාලයේ රට වසා දමා තිබියදී මෙම ක්‍රියා පිළිවෙත අනුගමනය කරනු ලැබූ බවද බන්ධනාගාර මූලස්ථානය පවසයි.

-ජයන්ත සමරකෝන්-