කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයින් තම සේවා හැදුනුම්පත ඇදිරි නීති බලපත‍්‍රයක් සේ යොදා ගෙන, සේවයට පැමිණෙන මුවාවෙන් වෙනත් ප‍්‍රදේශ වෙත ගමන් කර සිටියදී පොලීසිය විසින් පසුගියදා අත් අඩංගුවට ගෙන තිබුණි.
කොරෝනා වෛරසය රට පුරා පැතිර යාමේ අවධානමක් මතු වී ඇති නිසා උසස් පොලිස් නිලධාරීන් මෙම තීරණය ගෙන ඇතැයි කටුනායක පොලීසියේ ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ඒ අනුව හෙට දින සේවකයින් හට කර්මාන්තශාලාවට ඒමට ප‍්‍රවාහන පහසුකම් සළසා දෙන ලෙස කම්හල් හිමියන්ගෙන් පොලීසිය විසින් දැනුවත් කර තිබේ .
එසේම කටුනායක නිදහස් වෙළෙඳ කළාපය ආසන්නයේ පිහිටි නේවාසිකාගාර වල නැවතී සිටින සේවකයින් අවශ්‍ය නම් පා ගමනින් ද සේවය සදහා කර්මාන්තශාලා වෙත පැමිණිය හැකි බව ද කම්හල් හිමියන් ද එම සේවකයින් වෙත දැනුම් දී තිබේ .
0 Comments