ගාල්ල දෙවට ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි ඉන්දියානු ජාතික මුහුදු ආරක්ෂකයන් තිදෙනෙකුට
කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංහාරච්චි මහතා පවසයි. ඉන්දියානු ජාතික මුහුදු ආරක්ෂකයන් 14දෙනෙකු ඉකුත් 29වැනි දින මෙරටට පැමිණ ඇත. පළමු PCR පරික්ෂණයේදී ඉන් එක් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු ඔහු ඉකුත් 01 වැනි දින හම්බන්තොට රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කළ බවද හෙතෙම පැවසීය.
- රවිඳු දියගහගේ -