නව කොරෝනාව සම්බන්ධයෙන් වන පරීක්ෂා කිරීම් වඩාත් අඩු මිලට සහ වේගයෙන් සිදුකළ හැකි කට්ටලයක් නිර්මාණය කරන්නට නයිජීරියානු විද්‍යාඥයන් පිරිසක් සමත්ව ඇතැයි වාර්තා වෙයි. එරට තුළ වාර්තා වන රෝගීන් පරීක්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් තරම් පරික්ෂණ කට්ටල නොමැතිවීමත් සමග එම පිරිස්
මේ සඳහා යොමුවී තිබේ.


නයිජීරියානු වෛද්‍ය පර්යේෂණ ආයතනය මෙම නව නිර්මාණය සඳහා මැදිහත්වී තිබේ. එම විද්‍යාඥයන් සඳහන් කරන අකාරයට මෙම පරික්ෂණ කට්ටලය හරහා සිදු කරන COVID-19 පරික්ෂාවන් සඳහා වැයවන මුදල සාමාන්‍ය PCR පරික්ෂාවන්ට වැය වන මිලට වඩා බොහෝ සෙයින් අඩුය. එසේම විනාඩි 40ක පමණ කාලයකදී මින් ප්‍රතිඵල ලබාදිය හැකි බවත් පැවසෙයි. විදෙස් මාධ්‍යවලට අනුව මෙම පරීක්ෂණ කට්ටලයක් ඇ.ඩොලර්25ක එනම් රු.3,150ක පමණ මුදලකට සකස් කර ගත හැකිය. එහිදී ජංගමව මෙම සාම්පල විශ්ලේෂණය කිරීමේ හැකියාව පවතින අතර, අවම පුහුණුවක් සහිත පුද්ගලයෙකුට වුවද එය ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවති.

එහෙත් මෙම කට්ටලය මගින් සිදුකරන පරීක්ෂාවෙන් කොරෝනා ආසාදිතයෙකු හඳුනාගැනීම PCR පරීක්ෂණයක් මගින් සිදුකරන හඳුනාගැනීමක් හා සැසඳීමේදී අවම අනුපාතයක් බවද එම ආයතනය පවසයි. එහෙත් ජනතාවගේ ආරක්ෂාව පතා මෙවැනි හෝ උපාංගයක් පැවැතීම සුදුසු බව එහි ප්‍රධානීන්ගේ අදහස වී තිබේ.