11.20pm

අද දින මේ වනවිට වාර්තා වූ කොවිඩ්-19 ආසාදිත රෝගීන් ගණන 194ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

නිරෝධායනය මධ්‍යස්ථානවල සිටින දිවුලපිටිය කොවිඩ් පොකුරෙන් වාර්තා වන ආශ්‍රිතයන් හෝ කාර්යමණ්ඩලය 80ක් ඒ අතර සිටි.

ආශ්‍රිතයන් 114ක් ද ඒ අතර වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අනුව මිනුවන්ගොඩ corona පොකුරේ ආසාදිතයන් ගණන 1591කි.

මේ අනුව මෙරටින් හමූ වූ මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5038 දක්වා ඉහළ ගොස් තිබේ.



10.20pm


මිනුවන්ගොඩ ඇගලුම් කම්හලට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරට සම්බන්ධව තවත් 145කට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මින් 48ක් මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්තශාලාවේ සේවකයන් හො ආශ්‍රිතයන් වන අතර ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් වාර්තා වී තිබේ.

ඉතිරි ආසාදිතයන් 97 දෙනා ආශ්‍රිතයන් වෙයි. මේ අනුව එම පොකුරට සම්බන්ධව ආසාදිතයන් 1591ක් වාර්තා වී තිබේ.