කොරෝනා වෛරස පැතිරීම නිසා දිවයින පුරා අගුලු දැමීම බලාත්මක කිරීමට රජයේ බලාපොරොත්තුවක් නැති බව කැබිනට් මණ්ඩලයේ සම ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ අද ප්‍රකාශ කළේය.

එදිනෙදා ආර්ථික කටයුතු අඛණ්ඩව සිදු කිරීමට රජය උනන්දු බව ඔහු දැක්වීය.

පතිරණ මහතා පැවසුවේ ඊයේ (සඳුදා) පැවති අවසන් කැබිනට් මණ්ඩල රැස්වීමේදී  කොරෝනා වයිරස තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි.


ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා විසින් ගම්පහ දිස්ත්‍රික්කයේ නවතම වර්ධනයන් ඇතුළු රටේ තත්ත්වය තක්සේරු කළ බව ඔහු පැවසීය.

 වයිරස් රෝගීන් වාර්තා වීම අඩුනම් ඇඳිරි නීතිය ඉවත් කිරීම ගැන සලකා බලන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන් බවද පැවසීය.