පසුගියදා බ්‍රැන්ඩික්ස් කොරොනා රැල්ල ගැන පළමු ආරංචිය ගෙනා මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ සුපර්වයිසර්වරිය සම්බන්ධයෙන් සමාජ ජාලා වල විවිධ විස්තර පැතිරිණි. ඇය හැමතැනටම ලෙඩේ බෝකර ඇති බවට හා ඇගේ චරිතය හොඳ නැති බවට කටකතා ඒ අතර විය.
මේ අතරවාරයේ අද දින වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේ ඇය කොරෝනා පොකුරේ පළමුවැන්නා නොවන බවයි.
දැනට රෝගයට ප්‍රතිකාර ලබමින් සිය දියනිය සමග අයිඩීඑච්හි නතරවී සිටින ඇය
ඊයේ රූපවාහිනී නාලිකාවකට දුරකථනයෙන් සම්බන්ධවෙමින් ප්‍රකාශයක්ද ලබාදී තිබුණි.
ඒ පහත පරිදිය.
'මං ගම්පහ හොස්පිටල් එකට යනව ඇරෙන්න කොහෝවත් ගියේ නැහැ.
අඩුම තරමේ අහළ පහළ කඩේකටවත් ගියේ නැහැ.මොකද මට යන්න වේලාවක් තිබුනෙ නැහැ. ඩිලිවරි ටයිට් වෙලා තිබුනෙ මොකද නිවාඩුවක්වත් ගත්තෙත් නැහැ. ගේ ගාවින් උදේ 6.50ට ට්‍රාන්ස්පෝට් එක ගත්තාම හැමදාම ගෙදර එනකොට රෑ 8.10 විතර වෙනවා. ඒ ඇරෙන්න මං කිසිම තැනකට ගියේ නැහැ. ඒක මට සීයෙට සීයක් විශ්වාසයි. පැක්ටරිය ඇතුළින් මිස පිටින් මට කිසිවක් ආවෙ නැහැ. සතියකට විතර කලින් වීසා එකේ සර්ලා ආවා. ඉන්දියාවෙද කියල මං දන්නෙ නැහැ සාම්පල් චෙක් කරන්න ආවෙ. ඒ අයගෙන ආවයි කියල නම් සැකයක් තියනවා.මට විශේෂයෙන්ම කියන්න තියෙන්නෙ අපේ පවුල ගමේ කාටවත් කරදරයක් නැතිව ජීවත්වෙන පවුලක් මට කරපු අපහාසය ගැන මං ඇත්තටම කණගාටු වෙනවා. මේ දරුවො ඉස්කෝලෙ යන්න ඕන. මට කරල තියන මඩ ප්‍රහාරය ගැන මං ගොඩාක් දුක්වෙනවා.'
0 Comments