පළමුවෙන් හමුවූ මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ ආසාදිත සේවිකාවකගේ මව වන පොල්පිතිගම රාවාඇළ පදිංචි 58 හැවිරිදි කාන්තාවකටද කොරෝනා හෙවත් කොවිඩ් – 19 වයිරසය ආසාදනය වී ඇති බව ඊයේ (07) රාත්‍රියේ තහවුරු වී ඇතැයි වාර්තා වේ.

එම කාන්තාව කොරෝනා ආසාදිත බවට තහවුරු වීමෙන් පසුව ඇගේ සැමියාද පී.සී.ආර් පරීක්ෂණයක් සඳහා මේවනවිට කුරුණෑගල

ශික්ෂණ රෝහලට ඇතුළත් වී සිටින බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පවසයි.

කොරෝනා ආසාදිත එම මව ඊයේ රාත්‍රියේම ප්‍රතිකාර සඳහා කොළඹ IDH රෝහල වෙත යවා ඇති අතර වයිරසය ආසාදනය වී සිටින ඇගේ 16 හැවිරිදි දියණිය මේවනවිට ප්‍රතිකාර සඳහා හම්බන්තොට පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කර තිබේ.

මෙම කාන්තාවද සමඟ මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් කොරෝනා වෛරසය ආසාදනය වූවන් සිව්දෙනෙකු වාර්තා වී ඇති බව වෛද්‍ය කැඳන්ගමුව මහතා සඳහන් කරයි.