හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානයේ ස්වයං නිරෝධායනය වෙමින්  සිටි  මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවක සේවිකාවන් අතුරින්  05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති  බවට අද (10දා) තහවුරුවි ඇති බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.

මෙකී සේවක සේවිකාවන්ගේ පි.සි.ආර්. පරික්ෂණ අද  උදැසන (10) ලැබුණු බවත් එම පි.සි.ආර්.පරික්ෂණ වාර්තා අනුව මොවුන්ට කොරෝනා

වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද හබරාදුව සෞඛ්‍ය නිලධාරිවරයා  පවසයි.

ඉකුත් 08 වැනිදින හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානයේ දි  ඇගලුම් කම්හලේ සේවක සේවිකාවන් 12 දෙනෙකුගේ ජිව සාම්පල් ලබාගෙන  පි.සි.ආර්. පරික්ෂණ සදහා කරාපිටිය ශික්ෂණ රෝහලට යොමුකළ බව පවසන සෞඛ්‍ය නිලධාරිවරයා එම සේවකයින් අතුරින්  සේවකයින් 03නෙකුට හා  සේවිකාවන් 02 නෙකුට කෙරෝනා ආසාදනය වි ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි  වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.

- ජිනේෂ් නානායක්කාර