ආර්ථික අතින් බලවත් යුරෝපයේ ප‍්‍රධානතම රාජ්‍යයන් පහක් තුළ ක්‍රියාත්මක කෙරෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අතරින් 50%කට අධික ප්‍රතිශතයක් ඉදිරි වසර තුළදී වසා දැමීමේ අවදානමක් පවතින බව වාර්තා පවසයි. ජාත්‍යන්තර ආර්ථික සමීක්ෂණ ආයතනයක් වන "මැක්කින්සි සර්වෙ" මගින් සිදු කළ අධ්‍යයනයක් හරහා මම තොරතුරු වාර්තා කරයි. 

එහිදී නව කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වූ අර්බුදයට මුහුණදීමට නොහැකිව මෙම ව්‍යාපාර වසා දැමෙනු ඇතැයි පැවසෙයි. ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ස්පාඤ්ඤය සහ එක්සත් රාජධානිය මෙම රාජ්‍යයන් වන අතර, ඒවායේ පිහිටි සුළු හා මධ්‍ය පරිමාණ

සමාගම් 2200ක් අධ්‍යනයට එක් කරගෙන ඇත.

එම ආයතනය පවසන ආකාරයට වසංගතය නිසා මෙම යුරෝපා රාජ්‍යයන්හි පිහිටි සමාගම් තුළ ආදායම් 70%කට අධික ප්‍රමාණයකින් පහත හෙළා ඇත. මම රාජ්‍යයන් අතරින් ඉතාලියේ සහ ස්පාඤ්ඤයේ ව්‍යාපාර වෙත දරුණු තර්ජනය එල්ල වී ඇත. එහිදී පිළිවෙළින් එම රටවල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල ආදායම් පහළ වැටීම 30% සහ 33%ක් ලෙස වාර්තා වෙයි. 

මැක්කින්ස් ආයතනය මගින් මෙම සමික්ෂණය සිදු කර ඇත්තේ පසුගිය අගෝස්තු මාසයේදීය. එය යුරෝපය තුළ නව කොවිඩ් වසංගතයේ දෙවැනි රැල්ල ආරම්භ වීමට පරාතුවය. එසේම එය යුරෝපා රාජ්‍යයන් තුළ ඇතැම් සීමා කිරීම් යෙදවීම්වලට පෙරාතුව කාලයද වෙයි. මේ අතරින් බොහෝ සමාගම් ආර්ථිකය දරුණු ලෙස දුර්වල වීම සිය ආදායම් අඩු වීමට හේතුව බව පවසා සිටියි.

දැනට පවතින වාර්තාවලට අනුව මම රටවල සෑම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 10කින් එකක්ම (11%ක ප‍්‍රතිශතයක්) ඉදිරි අඩ වසර තුළදී බංකොලොත්භාවයට පත්වීෙම් සූදානමින් සිටියි. ඒ අතරින් ප්‍රංශ සමාගම් දෙගුණයකට වඩා වැඩියෙන් මම ඉරණමට ලක්වීමට නියමිතව ඇත. මෙම ව්‍යාපාරවල සේවකයන් 50ත් 249ත් අතර පිරිසක් සේවයේ යෙදෙන ස්ථාන වෙයි.

මෙම බංකොලොත්භාවයට පත්වූ සමාගම් අතරින් කර්මාන්ත සහ නෞකා භාණ්ඩ ප්‍රවාහන කෙෂ්ස්ත්‍රය ප්‍රධාන වෙයි. ඊට අමතරව කෘෂිකාර්මික, නවාතැන් පහසුකම් සපයන්නන්, ආහාර සේවා සහ සිල්ලර සහ තොග වෙළදාම් ඉන් අනතුරුව පවතී.