අද දිනයේදී නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 103ක් වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන්

ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටියි. එයින් පුද්ගලයින් දෙදෙනෙකු මිනුවන්ගොඩ ඇගළුම්

කර්මාන්ත ශාලාවේ

සේවකයින් වන අතර සෙසු 101ක් දෙනා ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් බව ඔහු සඳහන් කළේය.

මේ වන මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 1186ක් බව රජයේ

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

පානදුර, කටුනායක හා ජාතික රෝහලේ ආසාදිතයින්ද මෙම පොකුරට ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.