
කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වා සිටියේ රාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවයේ නියුතු සේවකයෙකුට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවය.
මෙම සේවකයා බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු සේවා ස්ථානය වෙත යාම සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසල පිහිටි නිවසක නවාතැන් ගෙන සිට ඇත.
PCR පරීක්ෂාවක් සිදු කිරීමේදී ඔහුට කොරෝනා ආසාදිත බව තහවුරුවී ඇති අතර ආශ්‍රිතයින් සොයා නිරෝධායනය කිරීමට සැලැස්වීම සිදු කර ඇත.
ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලයේ කැමරා ශිල්පියෙකු වන ඔහු
මාධ්‍ය සාකච්ජා ආවරණ රාජකාරි වල නියුතුව සිටි අතර පසුගිය දිනෙක විපක්ෂ නායක කාර්‍යාලයේ පැවති මාධ්‍ය හමුවක් ආවරණය කිරීම සඳහාද දායක වී ඇති බව තොරතුරු අනාවරණය වී තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval