මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කෝවිඩ් -19 ආසාදිත කාන්තාවකගේ ආශ්‍රිතයන් බවට හඳුනාගෙන නිකවැරටිය, කන්දේගෙදර ප්‍රදේශයේ නිරෝධායනයට ලක්කළ 08 දෙනෙකුගෙන් යුත් පවුලක දෙදෙනෙකු අසනීප තත්ත්ව හේතුවෙන් රෝහල්ගත කළ බව නිකවැරටිය සෞඛය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මවක සහ කුඩා දරුවෙකු මෙලෙස නිකවැරටිය රෝහලට ඇතුළත් කළ බවත්,

අදාළ පරීක්ෂණ සඳහා මේ වනවිට එම මව සහ දරුවා කුරුණෑගල ශික්‍ෂණ රෝහලට මාරුකර යවා ඇති බවත් නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ගාමිණී එදිරිසිංහ මහතා පවසා සිටියේය.

මෙම පවුලේ අය මිනුවන්ගොඩ වෙසෙන ආසාදිත කාන්තාවගේ නිවසට ගොස් ආපසු පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු එම පවුලේ අය නිරෝධායනයට ලක්කළ බවත්, මොවුන්ට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවත් නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.


-ප්‍රියාණි මංගලිකා-