රත්නපුර මහරෝහලේ දරු ප්‍රසූතිය සිදුකළ මවකට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
ඒ අනුව අදාළ මවට සිසේරියන් සැත්කම සිදුකළ එම රෝහලේ වෛද්‍යවරයන් ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් මෙන්ම විකිරණ ඒකකයේ පිරිස් ද නිරෝධායනය සඳහා යොමු කර ඇත.
මෙම කාන්තාවගේ ස්වාමි පුරුෂයා කොළඹ වරායේ පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරියෙකු වන අතර ඔහුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙයි.
කෙසේ වෙතත්, දරුවා සෞඛ්‍යාරක්ෂිතව නිරෝගී තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබේ.
0 Comments