කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය
கோவிட் தடுப்புக்கான தேசிய செயல்பாட்டு மையம் - 19 வெளியீடு
NATIONAL OPERATIONS CENTRE FOR PREVENTION OF COVID - 19
සිනෝ ලංකා ටවර්, අංක 1090, ශ්‍රී ජයවර්ධනපුර මාවත, රාජගිරිය


නිවේදන අංක 163 :2020

නිකුත් කරන ලද වේලාව : 0530


අද (10) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් තිස් පස් දෙනෙකු (35) හඳුනාගෙන තිබෙනවා. 


එම පුද්ගලයින් තිස් පස් දෙනා (35)  අතරින් පස් දෙනෙකු (05) විදේශයන්හී සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (02) කිතාල හොටෙල් තිස්සමහාරම නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද, ඉන්දියන් ජාතික නාවිකයින් දෙදෙනෙකු (02) කොළඹ සිනමන් රෙඩ් හොටෙල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් සහ කුවෙට් සිට පැමිණි එක් පුද්ගලයෙකු (01) මීගමුව රෝහල් නිරෝධායන මධ්‍යස්ථානය තුළින් වේ.


එසේම, දේශීයව හඳුනාගත් පුද්ගලයින් තිස් දෙනෙකු (30) සිටින අතර, ඉන් විසි හතර දෙනෙකු (24) මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවය කරන පුද්ගලයින් ළගින් ඇසුරු කළ පුද්ගලයින් වන අතර අනෙක් පුද්ගලයින් අතරින් තිදෙනෙකු (03) එම ඇඟළුම් කම්හලේ සේවයකයන් වේ. ඉතිරි පුද්ගලයින් තිදෙනාගේ (03) ආශ්‍රිතයින් පිළිබඳ තවමත් විමර්ශන සිදුකරමින් පවතී.


මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ කොවිඩ් පොකුරේ අද (10) දින උදෑසන වන විට  සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 1,083 දෙනෙකු වේ. 


ඔක්තෝබර් 05 වන දින - 02

ඔක්තෝබර් 06 වන දින - 101

ඔක්තෝබර් 07 වන දින - 729

ඔක්තෝබර් 08 වන දින - 202

ඔක්තෝබර් 09 වන දින - 19 

ඔක්තෝබර් 10 වන දින - 30 (උදෑසන 0600 වන විට)


එකතුව - 1,083*  


අද (10) දින මධ්‍යහනයේදී QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් හතලිස් පස් දෙනෙකු (45) මෙරටට පැමිණ ඇත. එසේ පැමි‍ණෙන පුද්ගලයින් සියළුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.


අද (10) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් හාරසීය හැට පස් දෙනෙකු (465) තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතයි. ඒ අනුව, කහගොල්ල නිරෝධායන මධ්‍යස්ථානය තුළින් එකසීය පහලොස් දෙනෙකු (115) ද, කිට්රස් වස්කඩුව නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් එකසීය හත් දෙනෙකු (107) ද,

හොටෙල් ඒඩන් ගාර්ඩන් නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් පනස් හත් දෙනෙකු (57) ද, ඕ.ඒ.කේ. රේ තිස්ස නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් තිස් එක් දෙනෙකු (31) ද, හොටෙල් අමාගි ආර්යා නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් විසි දෙදෙනෙකු (22) ද, කමැලොට් බිච් නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් සිය දෙනෙකු (100) ද, හොටෙල් ඩොල්ෆින් නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් හතර දෙනෙකු (04) ද, රන්වැලි හොටෙල් නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් විසි දෙදෙනෙකු (22) සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් පත් දෙනෙකු (07) වශයෙන් වේ.

එසේම, අද (10) දිනය වනවිට පුද්ගලයින් 50,364 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.  


එසේම, අද (10) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 89 ක් තුළ පුද්ගලයින් 10,181 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.


ඊයේ (09) දිනය තුලදී PCR පරික්‍ෂණ 5333 ක් සිදුකර ඇති අතර, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්‍ෂණ 319,146 ප්‍රමාණයක් සිදුකර ඇත. 


අද (10) දින උදෑසන 0600 වනවිට පුද්ගලයින් දහ අට දෙනෙකු (18) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර, එම පුද්ගලයින් දහ අට දෙනා (18) විදේශයන්හී සිට මෙරටට පැමිණ නිරෝධායන කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් ලෙස වාර්ථා වෙනවා.