සබරගමු පළාතේ ඊයේ (14දා) දිනය තුළ 'කෝවිඩ්-19" වෛරසය ආසාදිත වූ පුද්ගලයන් 16ක් වාර්තා වීමත් සමඟ සමස්ත ආසාදිත සංඛ්‍යාව 115ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ හේතුවෙන් සබරගමුව පළාත් සභාව මඟින් සහ පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සති දෙකකට අත්හිටුවන බව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසීය. ඊයේ (14දා) දිනයේ වාර්තා වූ 'කෝවිඩ්-19’වෛරසය ආසාදිතයන්ගෙන් 13දෙනෙකු කෑගල්ල දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර, 03දෙනෙකු රත්නපුර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙන බව පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අනාවරණය කළේය. රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකෙහි පිහිටි
සබරගමු පළාත තුළ ඊයේ (14) සවස් වන විට නිරෝධායනයට ලක්වන මුළු පිරිස 1,472ක් බව පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අනාවරණය කරයි. ඉන් 756දෙනකු කෑගල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් වන අතර, 616දෙනෙකු රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයන්ය.
සබරගමු පළාත් "කෝවිඩ්-19" වෛරසය ආසාදිත පුද්ගලයන්ගෙන් 115න් 112දෙනකු කෑගල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. ඔවුන් අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ පදිංචි 13ක්, පින්නවල බ්‍රැන්ඩික්ස් නිරෝධායන මධ්‍යස්ථානයේ 20ක් සහ රඹුක්කන රෝහලේ ප්‍රතිකාර ලබන 79ක් ලස වන බව කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය සදහන් කර සිටියේ රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් දින කිහිපයකට පෙර හමුවූ ආසාදිතයන් දෙදෙනාට අමතරව කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් එක් ආසාදිතයෙක් හමුව ඇති බවයි. රත්නපුර දිස්ත්‍රික්කයේ නිරෝධායනයට ලක් කර ඇති පුද්ගලයන් 616දෙනා පොකුරු තුනකට අයත් වන බව
රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩිම පිරිසක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇත්තේ වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙනි. එම සංඛ්‍යාව 93කි. රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතුරින් ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පමණක් කිසිඳු පුද්ගලයෙකු නිරෝධායනයට ලක් කර නොමැත.
- අජිත්ලාල් ශාන්ත උදය -
0 Comments