පසුගිය මාර්තු මාසයේදී කෝවිඩ්19 මර්දනය කිරීමට විවිධ මෙහෙයුම් ක්‍රියාත්මක කළද, පසුව කෝවිඩි-19 අවදානම පහව ගොස් ඇති බවට ජනතාවට හැඟී යන ආකාරයට ආණ්ඩුව ක්‍රියා කළ බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මීට දින කිහිපයකට කලින් ලෝකයේ කෝවිඩ්-19 පාලනය කළ දෙවැනි රට ලෙසට පුරාජේරු කතා කියූ බවත්, එහෙත් දෙවැනි කෝවිඩ්-19 රැල්ල පැමිණි බවත් එම පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසීය.
තත්ත්වය දැන් පෙරට වඩා භයානක බවත්, මේ නිසා කෝවිඩ්-19 ව්‍යාප්තියේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බවත් ඒ මහතා පවසා සිටියේය.
මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ
එසේම ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල ජනතාවගේ දෛනික ජීවිත බිඳවැටීම වළක්වා ගැනීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නොමැති බවත්, මේ නිසා ජනතාවට අවශ්‍ය සහන ලබාදීමට ආණ්ඩුව වහාම කටයුතු කළ යුතු බවත් ඒ මහතා පැවසීය.
කෝවිඩ්-19 තත්ත්වයට රටක් ලෙස මුහුණ දිය යුතු බවත්, ජනතාවගේ පැත්තෙන් වෛරස් රෝගයෙන් මිදීමට පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් නිසි ආකාරයෙන් පිළිපැදිය යුතු බවත් මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
- ඉන්දික හේවාවිතාරණ -
0 Comments