කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසයට, මුදල් නෝට්ටු, වීදුරු සහ සුදු යකඩ ආදිය මත දින 28 ක් දක්වා නොනැසී රැදී සිටීමට හැකියාව ඇතැයි අනාවරණය කරගැනීමට ඔස්ට්‍රේලියානු පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති.  එහෙයින් සෑම විටම ජංගම දුරකතය තිර, මුදල් නෝට්ටු, වීදුරු සහ සුදු යකඩවලින් නිපදවූ බඩු බාහිරාදිය පිරිසුදුව තබා ගැනීම කළ යුතු බවත්, අප ද සෑම විටම සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් දෑත් පිරිසුදුව තබා ගැනීම කළ යුතු බවත් ඔස්ට්‍රේලියා ජාතික වෛද්‍ය පරික්ෂණ ඒකකයට  සම්බන්ධ වෛද්‍ය පරේෂකයෝ පැහැදිලි කරති.ඉන්ෆ්ලුවෙන්සා වයිරසය මෙන් නොව, කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය බලවත් බවත් එය විනාශ කිරිමට හැකි වූයේ සෙල්සියස් අංශක 20 කට (ෆැරන්හයිට් 68  වැඩි) වඩා වැඩි උෂ්ණත්වයකට නිරාවරණය කිරිමෙන් බවත්  වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති. 

ඉන්ෆ්ලුවෙන්සා වයිරසය

මෙවැනි පුෂ්ඨ මතුපිට රැදෙන්නේ දින 17 ක කාලයකට පමණක් බව ද වෛද්‍ය පරියේෂකයෝ පැහැදිලි කරති.  කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීමට නම් හැකිතරම් සෞඛ්‍ය උපදෙස් පිළිපැඳීම කළ යුතු වෙයි. වයිරසය සිරුරට ඇතුළු වන්නේ නාසයෙන්, මුබයෙන් සහ ඇස්වලිනි. මුඛ ආවරණ පැළදීම, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීම මෙන්ම දෑත් පිරිසුදුව තබා ගැනීම ද. අනිවාර්ය වෙයි.  ඊයේ (12) වනවිට ලෝකයේ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 37,750,032 ක් ලෙස වාර්තා විය.

කොරෝනා මරණ වාර්තා වූයේ 1,081,453 ක් ලෙසය. කොරෝනා වයිරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ ගණන 28,360,336 කි. තවමත් ලොව වැඩිම කොරෝනා ආසාදිතයත් වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. ඇමෙරිකාවෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 7,991,999 ක් වන අතර ඇමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා මරණ  2,19,695 කි. දෙවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. ඉන්දියාවෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 7,120,538 ක් වන අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 109,184 කි.