විවිධ අපරාධ සම්බන්ධයෙන් දරුවන් සමඟ බන්ධනාගාරගතව සිටින කාන්තා රැඳවියන්ගේ වයස අවුරුදු 5ට අඩු දරුවන් වෙනුවෙන් විශේෂ දිවා සුරැකුම් මධ්‍යස්ථාන පහසුකම් ලබාදීමට කටයුතු කරන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
ඒ අනුව අගුණකොළපෑලැස්ස
වරදක් නොකර සිරගතවීමට සිදුව ඇති අවු 5ට අඩු දරුවන්ගේ මානසික තත්ත්වය යහපත් කර තැබිය හැකි පරිසරයක් සකස්කර දීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව ද ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කීවාය.
සිරගෙයක් තුළ වැඩෙන දරුවෙකුගේ මානසික තත්ත්වය සිරගෙයක පිටත සිටින දරුවෙකුගේ මානසික තත්වයට වඩා වෙනස් විය හැකි බැවින් ඔවුන්ගේ පූර්ව ළමාවිය සංවර්ධනය හරියාකාරව නොවන බව ද ඇය සඳහන් කළාය.
මෙම දරුවන්ට දිවා කාලයේ දී හෝ බන්ධනාගාර සිරමැදිරි පරිසරයෙන් මිදී ඔවුන්ගේ මනස සංවර්ධනය කිරීමට අවශ්‍ය පරිසරය සකස්කර දීමේ අරමුණින් මෙම විශේෂ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඇති කිරීමට පියවර ගන්නා බව කී රාජ්‍ය ඇමතිවරිය ඉඩ පහසුකම් පවතින බන්ධනාගාර පරිශ්‍රයන් තුළත්, ඉඩපහසුකම් නොමැති බන්ධනාගාර ආශ්‍රිතව ඉන් පිටතත් මෙම විශේෂ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඇති කරන බවත් පැවසුවාය.
මේ වෙනුවෙන් කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ සහයෝගය ලබාගැනීමට බලාපොරොත්තු වන බව ද ඇමතිවරිය සඳහන් කළාය.
- ඩයනා උදයංගනී -
0 Comments