කොවිඩ් ආසාදිත කාන්තාවගේ දියණිය ඉගෙනුම ලබන පාසලේ පන්ති කාමරයේ සිසු සිසුවියන් 42 දෙනා ඇතුළු ඇය ඇසුරු කළ සිසුසිසුවියන් 48දෙනෙකුගෙන් කිසිවෙකුට හෝ වයිසරය ආසාදනය වී නොමැත.
අසාදිත ඇඟලුම් සේවිකාවගේ දියණියගේ පන්තියේ ළමුන් 42දෙනෙකුද, එම පන්තිය අසළ තවත් පන්තියක ළමුන් 6දෙනෙකු ද වශයෙන් ළමුන් 48දෙනෙකු ඊයේ(05) විදුහලේදී P.C.R පරීක්ෂණයට ලක් කරනු ලැබ තිබේ.
පන්තියේ සිසුසිසුවියන් 42 දෙනා මීගමුවේ නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා සිටින අතර සෙසු සිසු සිසුවියෝ 6දෙනා ඔවුන්ගේ නිවෙස්වල ම නිරෝධායනය වෙමින් පසුවෙති.
විදුහලේ ගුරුවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනා ද පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කරනු ලැබු අතර ඒවායේ ප්‍රතිඵල වාර්තා මෙතෙක් ලැබී නැත.