ඇයගේ පාසලේ සිසුන් ද මේවනවිට හඳුනාගෙන ඇති බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. මේවනවිට ඔවුන් නිරෝධායනය සඳහා යොමුකර ඇත.
මේ අතර දිවුලපිටිය ප‍්‍රදේශයෙන් හඳුනා ගැනුණු ඇගළුම් ආයතනයක සේවය කරන කොරෝනා වෛරසය ආසාදිත කාන්තාව සමඟ එම ඇගලූම් කර්මාන්ත ශාලාවේ සේවය කරන ලද පුද්ගලයින් පිරිසකගේ නාමලේඛනයක් වැඩබලන පොලිස්පතිවරයා විසින් පොලිස් ස්ථාන වෙත නිකුත් කර තිබෙයි.