තමාට කොවිඩ් මාධ්‍ය ප්‍රකාශක ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෙනම රැස්වීම් තැබීමට හැකියාවක් නැතිව ගිය බවත් ඉදිරියට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්තානයේ සවස පැවැත්වෙන මණ්ඩල සාකච්ඡාවේදී අදහස් පළකිරීමේ අවස්ථාව පමණක් උදාවී ඇති බවත් නව පත්වීම් ලද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ප්‍රකාශ කර තිබේ.

ඊයේ තමාට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ රැස්වීම පවත්වන්නට වේලාව වෙන්කර තිබී පසුව මෙම තීරණය වෙනස්ව ඇති බව අදාළ නිලධාරීන් දැන්වීමෙන් පසුව මෙම වෙනස සිදුකර ඇති බව දැනගන්නට ලැබුණ බව කියා සිටියි.

තමාගේ නව තනතුර සෞඛ්‍ය අමාත්‍යංශයේ

මාධ්‍ය ප්‍රකාශක ලෙස වැරදි අර්ථ නිරූපණයක් මාධ්‍ය ඔස්සේ පළවූ නමුත් සැබැවින්ම ලද තනතුර කොවිඩ්19 මාධ්‍ය ප්‍රකාශක බවද ඔහු කීය.

යූ ටියුබ් නාලිකාවක සාකච්ඡාවක් සමග එක්වෙමින් වෛද්‍ය ජයරුවන් මෙම අදහස් පළ කර සිටියේය.

වැඩිදුරටත් අදහස් දක්වා ඇති වෛද්‍යවරයා පවසන්නේ තමා එම්ආර්අයි වැඩබලන අධ්‍යක්ෂ තනතුරෙන් ඉවත්කර එහි දෙවැනියා බවට පත්කිරීම නිසා අධික කලකිරීමකට පත්වූ බවත් එම තනතුරු වෙනස තමන්ට නින්දාවක් අත්කරදුන් බවයි. එයින් පසු තමාගේ දෙමව්පියන් සේ සලකන මහින්ද රාජපක්ෂ අගමැතිවරයා මෙන්ම ශිරන්ති ආර්යාව තමා සමග ඒ ගැන කථාකළ බවත් අනතුරුව තමාට මෙම නව තනතුර හිමිවූ බවත්ය.