කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස අද (12) සිට පත්කර තිබේ.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොළඹ පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මේ බව සඳහන් කළේය.
ඔහු මින් ඉහත වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ප්‍රධානී ලෙස කටයුතු කළද ඔහුගේ තනතුර පහත හෙළා වෙනත් අයෙකු පසුගියදා පත් කෙරිණි.
එම අවස්තාවේ තමාට 'කැපිල්ලක්' සිදුව ඇති බව ඔහු විකල්ප යූටියුබ් නාලිකා අමතා විස්තර කළ අතර ලංකාවේ දැන් තත්වය භයානක බවත්
මේ අතර වාරයේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු සංඝරත්නය ඔහුගේ තනතුර යළි ලබාදීම වෙනුවෙන් ප්‍රසිද්ධියේ මාධ්‍ය ඉදිරියේ කරුනු දක්වා තිබූ අතර අද වාර්තාවූයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත් කළ බවයි.
නව පත්වීම ලැබීමෙන් අනතුරුව ඔහු ලංකාවේ කොරෝනා තත්වය ගැන අදහස් දක්වමින්
කොවිඩ් නයින්ටීන් වයිරසය පැතිරයාම තවමත් කළමනාකරණය කළ හැකි මට්ටමක පවතින බවත් ජනතාව මේ පිළිබද අවබෝධයෙන් සෞඛ්‍ය නීතිවලට අනුගතව ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බවත් පෙන්වා දුන්නේය.
0 Comments