කොරෝනා සමයේ එංගලන්තයේ එසෙක්ස් ප්‍රාන්තයේ පැවැත්වූ අපූරු විවාහ උත්සවයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ගෝලීය වසංගතය, අධික වර්ෂාව සහ විවාහ උත්සවයකට දැන් පනවා ඇති පුද්ගලයින් 15 දෙනෙකුගේ සීමාව හමුවේ ඒරට වෙසෙන ඉන්දීය සම්භවය ඇති රෝමා පොපට් සහ වයිනල් පටෙල් මෙම යුවළ උපායශීලී ලෙස උත්සවාකාරයෙන් විවාහය සමරන්නට අලුත් ක්‍රමයක් උපයෝගී කරගෙන තිබුණි.

ඒම උපාය වූයේ පිටියකට වාහන වලින්  අමුත්තන් කැඳවා  200 දෙනෙකුට ඔවුන්ගේ මෝටර් රථවල සුවපහසුව සිටිමින් පැය හතරක උත්සවය නැරඹීමට අවස්ථාව ලබා දෙමිනි.

එසෙක්ස් හි චෙල්ම්ස්ෆර්ඩ් හි අක්කර 500 ක වතුයායක් වන බ්‍රැක්ස්ටඩ් උද්‍යානයේ කුඩා ස්ථානයක මෙම කටයුත්ත සංවිධානය කර තිබුණි. මිතුරන් සහ පවුලේ අය පිටත නවතා තිබූ මෝටර් රථ 100 කට වැඩි ප්‍රමාණයක සිට විශාල තිරවලින් උත්සවය නරඹා තිබුණි.  තවත් අමුත්තන් 300 කට සූම් ඔස්සේ ලොව පුරා වීඩියෝ සබැඳියක් හරහා සුසර කර තිබුණි.

හින්දු විවාහ මංගල්‍යයන්හි සම්ප්‍රදායට අනුව, මනාලයා උත්සවයට පෙර පිට්ටනිය වටා ගමන් කරමින්, අමුත්තන් වෙත ඇවිදිමින්, චාරිත්‍රය ඉටු කර තිබුණි.

වේටර්වරුන් විසින්  වාහනවලට ආරක්ෂිතව ආහාර ලබාදුන් අතර ඒ්වා අඩුපාඩු  ඇණවුම් කිරීමට ඔවුන්ට වෙබ් අඩවියක් භාවිතා කරන්නට අවස්තාව සලසා තිබුණි. අනුභවය අතර වැසිකිලි පහසුකම් අවශ්‍ය අය පමණක් පිටතට යාම සිදුවිය.

පොපට් සහ පටෙල් මුලින් විවාහ වීමට නියමිතව සිටියේ අප්‍රේල් 20 වනදා වන අතර

කොරෝනාව ඔවුන්ගේ සැලසුම් වලට බාධා කිරීමෙන් පසු විවාහය ඔක්තෝබර් දක්වා කල් දැමීමට අසීරු තීරණයක් ගන්නා ලදී.

අලෙවිකරණ විධායක තනතුරක් දරන මනාලයා පොපට් සහ තොරතුරු තාක්‍ෂණ උපදේශකාවක වන පටෙල් ඔවුන්ගේ නව විලාසිතාවේ උත්සවය ගැන එහි සැලසුම්කරුට මුලින්ම විහිළුවක් ලෙස ඉදිරිපත් කළ බවත් පසුව එය ඇත්තටම කරන්නට හැකි බවට කල්පණාව ආ බවත් පවසා තිබේ.

ඉන්දියානු සම්භවය ඇති පවුල් වලින් පැවත එන උතුරු ලන්ඩනයේ සිට පැමිණි මෙම යුවළ සති තුනක් වැනි කෙටි කාලයක් තුළදී මෙම උත්සවය සැලසුම් කරන්නට සමත් විය. 

අපි ඩ්‍රයිව්-ඉන් මංගල උත්සවයක් නිර්මාණය කළෙමු… මෝටර් රථවල සිටින අමුත්තන්ට මංගල අත්දැකීම් භුක්ති විඳීමට අවස්ථාව ලබා දී ඇතත් දුරින් සිටින්නට සිදුවීම දුකක් ඒත් සියල්ලන් එදින සතුට හොඳින් බෙදාගත්තා ඔවුන් පවසා තිබුණි.