දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමෙන් ඇතුළු වීමට පැමිණි රථවාහන හේතුවෙන් අද (29) සවස දැඩි රථ වාහන තදබදයක් පැවැති බව හෝමාගම පොලිසිය පවසයි .

අද මධ්‍යම රාත්‍රියේ බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පනවන බවට රජය දැනුම්දීමත් සමග විවිධ රාජකාරි සඳහා පැමිණ රැදී සිටි විශාල පිරිසක්   බස්නාහිර පළාතෙන් පිට පළාත් වලට යාම සඳහා පැමිණීම  මෙම රථවාහන තදබදයට හේතුව බව පොලිසිය කියයි.

බස්නාහිර පළාතෙන් පිට පළාත් සඳහා  පිටව නොයන ලෙසට රජය දැනුම් දී තිබියදී මෙසේ පිටවයාම වරදක් බව පහදා දෙමින් පොලිසිය රියදුරන්ට දැඩි ලෙස අවවාද කළේය.

මේ හේතුවෙන් කොට්ටාව පිවිසුමේ සිට කොළඹ දෙසට කිලෝ මීටරයක් පමණ දුරක  මෙම රථවාහන තදබදය දක්නට ලැබුණි.


(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)