යුරෝපයේ රාජ්‍යයන් කිහිපයකදීම වාර්තා වන නව කොරෝනා රෝගීන් සංඛ්‍යාව පසුගිය සති අන්තයේදී කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ඒ අනුව එක්සත් රාජධානිය තුළ පමණක් පසුගිය සෙනසුරාදා දිනයේදී නව රෝගීන් 12,872 දෙනෙකු හමුවී තිබේ. එය ගෙවුණු දින හතක රෝගීන් හමුවීමේ සාමාන්‍ය අගයන්ට වඩා දෙගුණයක ඉහළ යාමකි.
මේ අතර, පසුගිය සතියේ බ්‍රහස්පතින්දා රෝග පාලනය සහ වළක්වා ගැනීම පිළිබඳ යුරෝපියානු මධ්‍යස්ථානය මගින් නිකුත් කළ වාර්තාවකට අනුව යුරෝපය තුළ රෝගීන් ඉහළ යාමක් වාර්තා වෙයි. එහිදී ප්‍රංශය තුළ ආසන්නතම පැය 24 තුළදී නව රෝගීන් 16,972ක් වාර්තා වී ඇත. එසේම පෝලන්තය තුළ පසුගිය සෙනසුරාදා දිනය වනවිට රෝගීන් 2367ක් වාර්තා වී තිබේ. ඉතාලියද පසුගිය අප්‍රේල් 24 වැනිදායින් පසුව වැඩිම දෛනික රෝගීන් වාර්තා කරමින් සෙනසුරාදා දිනයේදී නව රෝගීන් 2,844ක් හඳුනාගෙන ඇත.
ඒ අනුව ඉදිරි ශීත සෘතුව ඉතා තීරණාත්මක කාලයක් වනු ඇතැයි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ද පවසා ඇත. “නත්තල් සමය පුරාම අපිට ගොඩක් දේවලට මුහුණ දෙන්න සිදුවේවි. සමහර විට ලබන අවුරුද්දටත් මේක දිග්ගැස්සේවි." ඔහු පවසා තිබේ.
මේ දක්වා බ්‍රිතාන්‍යය තුළ පමණක් රෝගීන් 480,017ක් වාර්තා වී ඇති අතර ඉන් 42,317ක් මිය ගොස් ඇත. ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල්ද අදහස් දක්වමින් දැනට රට තුළ පවතින ආසාදිත අනුපාතය අනුව මේ වසර අවසන් වනවිට ජර්මනිය තුළ දෛනික රෝගීන් 19,000ක තත්ත්වයක් වාර්තා වනු ඇතැයි පවසා තිබේ. පසුගිය සිකුරාදා දිනය වනවිට එරටින් නව රෝගීන් 2,673 දෙනෙකු වාර්තා විය. එය පසුගිය අප්‍රේල් 18 වැනිදායින් පසුව වාර්තා වූ ඉහළම දෛනික අගයයි.
මේ තත්ත්වයත් සමග යුරෝපයේ රාජ්‍යයන් රැසක් යළිත් වටයකට නව කොරෝනා පාලන නීතිරීති ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. ඒ අනුව ඇතැම් රටවල් ලොක්ඩවුන් සීමා පැනවීමටත්, නිවෙස් තුළ පැවැත්වෙන සාද ඇතුළු ජනතාව ඒකරාශීවීම් නැවැත්වීමටත් පියවර ගෙන ඇත. එසේම මෙම නව කොරෝනා නීති කඩකරන්නන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද තීරණය වී තිබේ.