මහජනතාව එක්රැස් වීම සිමා කිරීම සහ කොවිඩි-19 වයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා අද (12) සිට නැවත දැනුම් දෙන තුරු විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය වසා දැමීමට එම අමාත්‍යංශය තීරණය කර ඇත. කොන්සියුලර් අංශයේ සේවා කටයුතු ඉකුත් 08-09 දිනවල නතර කර තිබූ අතර අද සිටි එම අංශය සමපූර්ණයෙන් වසා තැබෙනු ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවැසීය. මේ අනුව කොළඹ සෙලින්කෝ ගොඩනැගිල්ලේ පිහිටා ඇති කොන්සියුලර් කටයුතු අංශය නැවත දැනුම් දෙන තුරු අමුත්තන් සඳහා වසා තබනු ඇති අතර, අපනයන ලේඛන සහතික කිරිම සම්බන්ධ විමිසිම පමණක් කලින් වේලාව වෙන්කර ගැනීම් පදනම මත භාර ගන්නා බවද එම ප්‍රකාශකයා පැවැසීය.
අපනයන ලේඛන සහතික කිරීම සඳහා 011-2338812 දුරකථන අංකයෙන්ද, විදේශයන්හි දී සිදුවන ශ්‍රී ලාංකිකයන්ගේ මරණ හා මරණ සම්බන්ධ ලියකියවිලි ආධාර සම්බන්ධ වීමසීම් සඳහා කරුණු 011-2323015 යන දුරකථන අංකය ඔස්සේ ද අමතා වේලාව වෙන්කරගත හැකි බව විදේශ අමාත්‍යාංශය පවසයි. මීට අමතරව cypher@mfa.gov.lk යන විද්‍යුත් තැපෑල මගින් හා 0112446091, +94(011) 2333450 යන ෆැන්ස් අංක මගින්ද තොරතුරු ලබා ගත හැකිවේ.
-තිලිණ ද සිල්වා-
0 Comments