ගාල්ලේ බාහිර සමාජය තුළ අහඹු ලෙස පී.සී.ආර්. පක්ෂණ පැවැත්වීමට තීරණය කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කංචිත සමරරත්න මහතා ඊයේ (07දා) පැවසීය.
ගාල්ලේ පදිංචිව සිටි මිනුවන්ගොඩ කර්මාන්තශාලා සේවක සේවිකාවන් කිහිපදෙනෙකු කොවිඩ්-19 ආසාදිතයන් බවට හඳුනාගැනීම හේතුවෙන් මෙවැනි තීරණයක් ගෙන තිබිණි.
මේ වනවිට ඇල්පිටිය, බටපොළ, නියාගම හා අහංගම ප්‍රදේශවල පදිංචි සිවු දෙනෙකු කෝවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන ඇත. ඒ අතර බටපොළ පදිංචිකරුවා පොදු ප්‍රවාහන සේවා කිහිපයක්ම භාවිත කර ඇති බැවින් ඔහු ගමන්ගත් ප්‍රදේශ ඉලක්ක කරගනිමින් පී.සී.ආර්. පරීක්ෂණ පැවැත්වීමට තීරණය කර ඇත.
හබරාදුව, අහංගම පදිංචි කාතාවකට කෝවිඩ්-19 ආසාදනය වී ඇති බව පෙරේදා (06) කරන ලද පරික්ෂණයකින් තහවුරු වී තිබේ.
වෛද්‍ය සමරරත්න මහතා කියා සිටියේ මෙම කාන්තාව සිය නිවස
ඇල්පිටියේ පදිංචි කෝවිඩ්-19 ආසාදිත බව තහවුරු කරගත් කාන්තාවකගේ දරුවෙකු මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින බවත්, එම දරුවා අම්බලන්ගොඩ ප්‍රදේශයේ උපකාරක පන්ති සඳහා සහභාගි වී ඇති බවත් අනාවරණය වී තිබේ. එම දරුවාගේ පීසීආර් පරික්ෂණයේ ප්‍රතිඵල ඊයේ (07දා) සවස ලැබීමට නියමිතව තිබිණි.
බටපොළ පදිංචි ආසාදිත තැනැත්තා අධීවේගී මාර්ග බස් රථ ඇතුළු තවත් බස් රථ කිහිපයක ගමන් කර ඇති බවත්, එම බස් රථ හඳුනාගැනීමට බුද්ධි අංශ සමඟ කටයුතු කරන බවත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. නාගොඩ පදිංචි කාන්තාව පසුගිය මාසයක කාලයක් ඇතුළත නිවසට පැමිණ නොමැති බැවින් ඇයගේ ඥාතීන් පිළිබඳ ගැටලුවක් නොමැති වුවද ඔවුන්ට නිවසේ ස්වයං නිරෝධායනය විමට උපදෙස් දී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
- සජීව විජේවීර -
0 Comments