
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ප්‍රාථමික දැඩි සත්කාර ඒකකයේ සේවය කරන සෞඛ්‍ය කාර්ය සහායකවරයෙකු කොරෝනා රෝග ආසාදිතයෙකු බවට තහවුරු වී ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු මිනුවන්ගොඩ බ්රැන්ඩික්ස් ඇගලුම් කම්හලෙහි සේවය කරන ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු බව අනාවරණය වී ඇති අතර ප්‍රතිකාර පිණිස රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.
මෙම සේවකයා ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් පසුව රෝහලෙහි ප්‍රාථමික දැඩි සත්කාර ඒකකයේ ඇසුරු කළ සෞඛ්‍ය කාර්ය සහායකයින් හත් දෙනෙකු නිරෝධානය කිරීමටත්
මේ අතර මීට පෙර මෙම රෝහලේ ළමා ප්‍රතිකාර ඒකකයෙහි සේවය කරමින් සිටි වෛද්‍යවරයෙකු කොරෝනා රෝග ආසාදිතයෙකු බවට තහවුරු වීම මත එම ඒකකයේ 17 දෙනෙකු නිරෝධානයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර කාර්ය මණ්ඩලයේ පිරිසක් පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවද එම ප්‍රකාශකයා සදහන් කළේය.
ළමා ප්‍රතිකාර ඒකකයෙහි සේවය කරමින් සිටි එම වෛද්‍යවරයා මිනුවන්ගොඩ ඇගලුම් කම්හලෙහි සේවිකාවන් පිරිසකට පෞද්ගලිකව ප්‍රතිකාර ලබාදී ඇති අතර එම සේවිකාවක් කොරෝනා රෝග ආසාදිතයෙකු බවට තහවුරු වී තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval