තෝරාගත් රජයේ කාර්යාල කිහිපයක කාර්යාල වේලාවන් වෙනස් කර ගැනීමේ යෝජනාව හා සුඛෝපභෝගී බස් රථ සියයක් පළමු අදියර යටතේ ලබාගැනීමේ යෝජනාව ලබන සතියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් කරන බවද ඒ මහතා පවසා සිටියේය.
ජනතාවට අත්‍යවශ්‍ය සේවාවක් සපයන රජයේ බොහෝ ආයතන දිනකට පැය අටේ සේවයට සීමා වී තිබෙන බවත්, තම සංගමය සිදු කරන යෝජනාවට අනුව පැය හය බැගින් දිනකට සේවාමුර දෙකක් පවත්වන ලෙසටත් ඉල්ලා සිටින බවත් ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේය. මෙම ක්‍රමය යටතේ රාජ්‍ය බැංකු, තැපැල්, ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම, රාජ්‍ය බැංකු සේවා ඇතුළු ජනතාවට දෛනික වශයෙන් අත්‍යවශ්‍ය සේවා සපයන කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පවතින කාර්යාලවල කාර්යාල වේලාවන් වෙනස් විය යුතු බවද හෙතෙම සඳහන් කළේය.
සුඛෝපභෝගී බස් රථ සේවාව යටතේ බස් ප්‍රමුඛතා මාර්ග හතරේ ධාවනය කිරීම සඳහා සුබෝපභෝගී බස් රථ යෙදීමට අමතරව මාර්ග තදබදය පවතින අනෙකුත් මාර්ගවලටත් සුබෝපභෝගී නගර සේවා බස් රථ සේවය යෙදවිය යුතු බවද සභාපතිවරයා පැවසීය. බස් ප්‍රමුඛතා මංතීරු නීතිය යටතේ කොළඹ නගරයේ මාර්ග හතරක මාර්ග තදබදය යම් තරමක අඩුවී තිබෙන බවත්, එය තවදුරටත් අඩු කර ගැනීම සඳහා පොලීසියට සහයෝගය ලබාදීම රජයේ වගකීම බවද ඒ මහතා පවසා සිටියේය.
මාර්ග තදබදය අවම කිරීම පොලීසියට පමණක් තනිවම සිදු කළ නොහැකි බවත්, මේ නිසා ප්‍රවාහන සංගමයක් ලෙස තම සංගමයත් මාර්ග තදබදය අවම කිරීමට අවශය පූර්ණ සහාය ලබාදෙන බවත් පවසා සිටි සභාපතිවරයා, මීට අමතරව රජයත් රජයේ යුතුකම ඉටු කළ යුතු බවද පැවසීය.
- ඉන්දිකා හේවාවිතාරණ -