කෝවිඩ්-19 අවදානමෙන් රට බේරාගැනීම සඳහා කරුණු දහයක් පදනම් කරගත් වැඩපිළිවෙළක් රට තුළ ක්‍රියාත්මක කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.  කෝවිඩ්-19 ගෝලීය
වසංගතයේ ස්වභාවයට අනුව ප්‍රථම රැල්ල පාලනය කළද, විටින් විට පොකුරු ලෙස රෝගීන් වාර්තා විය හැකි බව එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පැවසීය.  රෝගය ලොවින් තුරන් වනුයේ ඒ සඳහා නිසි ප්‍රතිකාරයක් හෝ එන්නතක් සොයා ගැනීමට හැකි වුවහොත් පමණක් බවත්, මේ නිසා මෙම තත්වයට මුහුණදීම සඳහා සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට කටයුතු කළ යුතු බවත් ඒ මහතා පවසා සිටියේය. කෝවිඩ්-19 අවදානමෙන් රට බේරාගැනීම සඳහා රෝග ස්පර්ශකයන් හඳුනා ගැනීමේ යාන්ත්‍රණය ශක්තිමත් කළ යුතු බවත්, කෝවිඩ්-19 පරීක්‍ෂණ කිරීමේ ධාරිතාව උපරිමයෙන් දෛනිකව සිදුකළ යුතු බවද ලේකම්වරයා සඳහන් කළේය.



රෝග ස්පර්ශකයන් හඹා ගොස් හඳුනාගෙන කෝවිඩ් 19 පරීක්‍ෂණ සිදුකිරීම සැකකටයුතු රෝග ස්පර්ශකයන් නිරෝධායනයට ලක් කර නැවත කෝවිඩ්-19 පරීක්‍ෂණ සිදුකිරීම, රෝගීන් හමුවන ප්‍රදේශ රතු කලාප ලෙස නම් කර හුදකලා කිරීම, රටම ආවරණය වන ලෙස විද්‍යාත්මක පදනමකට අනුව තෝරාගත් පීරීස් කෝවිඩ්-19 පරීක්‍ෂණවලට ලක් කිරීම හා විශාල පිරිසක් සේවය කරන ස්ථාන කුඩා කණ්ඩායම් ලෙස කාණ්ඩගත කිර්ම මූලික සෞඛ්‍ය උපදෙස්වලට අනුව ජනතාව අනුගත කිරීම,  දිනපතා හෝ සතිපතා රැස්වී තාක්‍ෂණික තීන්දු තීරණ ගැනීම, කෝවිඩි-19 පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශවලට ලබාදුන්  දිරිගැන්වීම, සෞඛ්‍ය කාර්යමණ්ඩල ආරක්‍ෂක අංශ සාමාජිකයන් ගුවන් හා මගී ප්‍රවාහන ආශ්‍රිත සේවා සපයන කණ්ඩායම් ඇතුළු සියලු අධිඅවදානම් කාණ්ඩ නැවත නැවතත් කෝවිඩ්-19 පක්‍ෂණවලට ලක්කිර්ම සිදුකළ යුතු බවද සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

• ඉන්දික හේවාවිතාරණ