හෙට (05) සඳුඳා දින රජයේ කාර්යාලයන්හි පැවැත්වෙන මහජන දිනය මේ සතිය තුළ නොපැවැත්වෙන බව
රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා  දැනුම් දී තිබේ.

කොරෝනා සෞඛ්‍ය නීතී අනුව නිසා මහජනතාව ගැවසීම අවම කිරීමට මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව මීලඟ සතියේ පැවැත්වීමට නියමිත මහජන දිනය සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටී.