කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන හැටන් නගරය මේ මොහොතේ සිට නැවත දැනුම්දෙනතුරු  හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.

හැටන් බල ප්‍රදේශයෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයන් 10 දෙනකු වාර්තාවන බව ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා පවසයි.

පැලියගොඩ මාළු වෙලද

සැලින් හැටන් නගරයට මාළු රැගෙන පැමිනි මාළු ව්‍යාපාරියකුට කොවිඩ් 19 රෝගය වැලදිමෙන් පසු ඔහුගේ සමිපතයන් පිරිසක් පී. සී. ආර්. පරික්ෂාවට ලක් කිරිමක් සිදු කල බවත් එම පි. සි. ආර්. පරික්ෂාවෙන් පසු කොවිඩ් 19 අසාදිතයන් දස දෙනකු වාර්තා වූ බව ඔහු සඳහන් කළේය.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ හැටන් නගරයේ මාළු ව්‍යාරිකයකුට කොවිඩ් 19 රෝගය වැලදිමෙන් පසු කරන ලද පි. සි. ආර්. පරික්ෂාවෙන් තවත් කොවිඩ් 19 අසාදිතයන් 10 දෙනකු මෙම ප්‍රදේශයෙන් වාර්ථාවන බව සෞඛ්‍ය බලධාරින් විසින් දැනුම්දි ඇති බවයි.

එම තත්වයන් මත හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් නගරයේ සියලුම වෙලද සැල් වසා දැමිමට පියවර ගන්නා ලෙසට එම වෙලදුන්ගෙන් ඉල්ලා සිටින බවද සඳහන් කලේය.